En  |  தமி  



ඇමරිකානු ඩොලර් අණකර නිෂ්කාශනය

මුල් කාලයේ දී ඇමරිකානු ඩොලර් අණකර හා චෙක්පත් නිෂ්කාශනය ක්‍රියාවලිය සඳහා සති තුනකට වැඩි කාලයක් ගතවිය. ව්‍යාපාර ලෝකයට කාලය ඉතාමත් වැදගත් බැවින් එම අභියෝගයට මුහුණ දීම සදහා LankaPay ආයතනය විසින් 2002 වසරේ දී ඇමරිකානු ඩොලර් අණකර නිෂ්කාශන පද්ධතියක් හඳුන්වා දුන් අතර එමගින් දින හතරකටත් වඩා අඩු කාලයකින් එම ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට හැකිවිය.

එම සේවාව වඩාත් නව්‍යකරණයට ලක් කරමින් 2019 දී LankaPay ආයතනය විසින් ඇමරිකානු ඩොලර් අණකර මාර්ගගත පිළිබිඹු හුවමාරු පද්ධතිය (UITS) හඳුන්වා දෙන ලදි. අණකර වල ඡායාගත පිළිබිඹුව විද්‍යුත් මාර්ගයෙන් බැංකු අතර හුවමාරු කිරීම, භෞතික හුවමාරු ක්‍රියාවලිය ඉවත් කිරීම, සහ ප්‍රමාදයන් සැලකිය යුතු ලෙස අවම කිරීම මගින් අණකර නිෂ්කාශන ක්‍රියාවලිය සදහා විප්ලවීය වෙනසක් සිදු කිරීමට මෙම පද්ධතිය සමත්විය. බලපත්‍රලාභී වාණිජ බැංකු 22 ක් ඔස්සේ ඉතාමත් පහසුවෙන් සහ කාර්යක්ෂමව මෙම සේවාව ලබා ගැනීමට දැන් ඔබට පුළුවනි.

ඔබට ලැබෙන වාසි

  • බැංකු අණකරයේ ඡායාගත පිළිබිඹුව නිෂ්කාශන සඳහා භාවිතා වන නිසා නිෂ්කාශන ක්‍රියාවලිය වේගවත් වේ.
  • බැංකු අණකරයක් රැස්කරන බැංකුව මගින් LankaPay වෙත නිෂ්කාශනය සදහා එවූ දින සිට එක් ව්‍යාපාරික දිනයක් තුළ නිෂ්කාශනය සිදු වේ.
  • බැංකු අණකරයේ හෝ චෙක්පතේ මුදල් ලැබීම පිළිබද ඊළඟ වැඩ කරන දිනයේ දැනගත හැකි වනු ඇත.
  • නියමිත වේලාවට මුදල් ලබා ගැනීමට හැකි වීම.
  • නිෂ්කාශන ක්‍රියාවලිය තුළ ආරක්ෂාව සහ විශ්වසනීයත්වය සහතික කරයි.

ඔබ කැමති මූල්‍ය ආයතනයකින් ඇමරිකානු ඩොලර් අණකර නිෂ්කාශන පහසුකම ලබා ගන්න

කාර්තුමය සංඛ්‍යාලේඛන

2026 ජූනි 30 වන දින දක්වා කාර්තුමය සංඛ්‍යාලේඛන

වසර කාර්තුව ඇමරිකානු ඩොලර් චෙක්පත්/අණකර ප්‍රමාණය ('000) ඇමරිකානු ඩොලර් චෙක්පත්/අණකර වටිනාකම (USD)
2022 Q1 7.9 75 මිලියන
Q2 10.9 101 මිලියන
Q3 15.6 138 මිලියන
Q4 16.1 119 මිලියන
2023 Q1 16.5 99 මිලියන
Q2 15.8 94 මිලියන
Q3 16.9 95 මිලියන
Q4 17.6 104 මිලියන
2024 Q1 17.8 108 මිලියන
Q2 17.0 115 මිලියන
Q3 18.0 145 මිලියන
Q4 17.9 153 මිලියන
2025 Q1 16.0 123 මිලියන
Q2 15.2 109 මිලියන
Q3 16.0 119 මිලියන
Q4 15.7 108 මිලියන
2026 Q1 15.7 103 මිලියන
Q2 15.7 103 මිලියන

නිතර අසන ප්‍රශ්න

චෙක්පතක්/ බැංකු අණකරයක් අදාල බැංකුව මගින් LankaPay වෙත නිශ්කාෂණයට එවූ දින සිට එක් ව්‍යාපාරික දිනයක් තුළ නිෂ්කාශනය සිදු වේ.

  • ශ්‍රී ලංකාවේ පුද්ගලයන්ට සහ ආයතනවලට ගෙවිය යුතු ශ්‍රී ලංකාවේ බැංකු විසින් නිකුත් කරන ලද ඇමරිකානු ඩොලර් අණකර.
  • ශ්‍රී ලංකාවේ බැංකුවලින් ලබාගන්නා ලද විදේශයන්හි බැංකු හෝ හුවමාරු ආයතන විසින් නිකුත් කරන ලද ඇමරිකානු ඩොලර් අණකර.

නොහැකියි. හැරවුම් ලේඛනය නිෂ්කාශනය සඳහා ඉදිරිපත් කිරීමට නොහැකියි.

ඔව්, අණකරය නිකුත් කළ බැංකුවෙන් හෝ ඇමරිකානු ඩොලර් මුදල් හුවමාරු මධ්‍යස්ථානයෙන් අණකරයට හෝ චෙක්පතට ගෙවීම නවතන ලෙස ඉල්ලා සිටිය හැක.

ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ඇමරිකානු ඩොලර් මුදල් හුවමාරු මධ්‍යස්ථාන හරහා අණකර හෝ චෙක්පත් නිකුත් කරයි.

ඔබ සඳහා අදාළ විය හැකි වෙනත් විසදුම්







නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ අපගේ සේවාවන් පිළිබද විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත සබ්ස්ක්‍රයිබ් කරන්න.